ලොකු පැටී පිට­ර­ටදී අත්අ­ඩං­ගු­වට ගැනීම තාම තහ­වුරු වී නෑ Featured

Published in පුවත්
Friday, 02 August 2024 09:00

අතු­රු­ගි­රි­යේදී කැරොකේ වසන්ත ඝාත­නය මෙහෙ­යවූ බව කියන පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වන ලන්තු­වා­හන්දි සංජීව පුෂ්ප­කු­මාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙල­රූ­ස්හිදී එරට ආර­ක්ෂක අංශ මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව කියන තොර­තුර සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ජාත්‍ය­න්තර පොලිස් අංශයේ දැඩි අව­ධා­නය යොමු කර තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි සැලකෙන්නේ ඉකුත් 29 දාය.

“අපත් මේ ගැන දැන ගත්තේ සමාජ මාධ්‍ය තුළින්. දැන ගත්තු මෙහො­තේම අප මේ ගැන ජාත්‍ය­න්තර පොලිස් ශාඛාව මඟින් බෙල­රූ­ස්ව­ලින් විමසා තිබෙ­නවා. මෙතෙක් ඒ සම්බ­න්ධ­යෙන් තහ­වුරු කිරී­මක් අපට ලැබී නැහැ. අප බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා අද හෙටම තොර­තු­රක් ලැබේවි කියල.“ යැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

තහ­වුරු නොවූ තොර­තුරු මඟින් දැන­ග­න්නට ඇති ආකා­ර­යට අනුව ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔහු සමඟ කාන්තා­වක ඇතුළු තවත් කිහි­ප­දෙ­නකු සිට ඇත. ඒ අය පලා­ගොස් ඇති බවත් බෙල­රූස් ආර­ක්ෂක අංශ අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ ලොකු පැටී පම­ණක් බවත් එම තොර­තුරු මඟින් දැන ගන්නට තිබේ. ලොකු පැටී සමඟ සිටියේ යැයි කියනු ලබන කාන්තාව මර්වින් ජනා නමැති ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ බිරි­යයි. ඇයට බෙල­රූ­ස්වල නිවෙ­සක් පවා ඇති බව ආර­ක්ෂක බුද්ධි අංශ සඳ­හන් කරයි. පසු­ගිය කාල­යේදී මෙම කාන්තා­ව­ගේත් මර්වින් ජනා­ගේත් ඔහුගේ සහෝ­දර සහෝ­ද­රි­ය­න්ගේත් ගිණුම් පොලිස් පරී­ක්ෂා­ව­කට ද ලක් විය. එහිදී මර්වින් ජනාගේ බේක­රි­යක් ඉදි­රි­පිට රාත්‍රී කාල­යට නිදා­ගන්නා සිඟ­න්න­කුගේ නමින් ඇති බැංකු ගිණු­මක් හරහා රුපි­යල් කෝටි 44ක මුද­ලක් හුව­මාරු වී ඇති බව ද අනා­ව­ර­ණය වී තිබිණි. මර්වින් ජනා නමැත්තා කුප්‍ර­කට මත්කුඩු ජාවා­ර­ම්කරු වෙලේ­සු­දාගේ ගෝල­යෙකි.

ලොකු පැටී නමැත්තා මාක­ඳුරේ මධුෂ්ගේ ගෝල­යකු වන අතර ඔහුගේ සහෝ­ද­රයා පොඩි පැටීය. හමුදා සේවයේ නිර­තව නීත්‍ය­නු­කූ­ලව ඉවත්ව සිටි­යකු වන ඔහු ද මේ වන විට සිටින්නේ රටින් පලා ගොසිනි. ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී ඔහු සමඟ සිට පලා­ගිය අය අතර පොඩි පැටී ද සිට ඇති බව කියැ­වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව සිටි නියෝ­මාල් රංග­ජීව මහ­තාට පිළි­ය­න්ද­ලදී වෙඩි තබන විට වෙඩි­ක්කරු වන ආමි අසි­තව රැගෙන යතු­රු­පැ­දිය පැද­වූයේ පොඩි පැටීය.

ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගැනීම බෙල­රූ­ස්ව­ලින් හෝ ජාත්‍ය­න්තර පොලි­සි­යෙන් තහ­වුරු කිරී­මෙන් අන­තු­රුව ඔහුව මෙර­ටට රැගෙන ඒමට අවශ්‍ය ඉදිරි පිය­වර ගන්නා බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us