කර්මාන්ත වෘත්තිකභාවය ඉහළ නංවමින් ලංකාවේ පළමු කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවයි

Published in පුවත්
Friday, 02 August 2024 15:11

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals - SLIIP) නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවැත්විණ.


මෙම ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals - SLIIP) කර්මාන්ත ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා අවශ්‍ය දැනුම, පලපුරුද්ද හා නිපුණතා වැඩි දියුණු කරමින් ලංකාවේ කර්මාන්ත වෘත්තිකභාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහාම පිහිටුවා ඇති වෘත්තීමය ආයතනය වෙයි.


කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ගේ විශේෂඥ දැනුම කර්මාන්ත අංශයේ දියුණුව සඳහා ඵලදායි ලෙස භාවිතා කිරීම, කර්මාන්ත වෘත්තිකයන් අතර සන්නිවේදනය වර්ධනය කිරීම, කර්මාන්ත ආශ්‍රිත ගැටලු විසඳිම සඳහා සක්‍රීය වේදිකාවක් සැපයීම, වෘත්තිකයින් සඳහා පුහුණු වැඩසටහන් සපයා දීම ආදී සේවා රැසක් මෙම ආයතනය හරහා සිදු කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබෙයි.


මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,


රටේ ආර්ථික සංවර්ධනයේ දී කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් ශක්තිමත්ව ඉදිරියට ගමන්කිරීම වැදගත් වන බැවින් ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා රජය විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. එසේම අප රටේ සේවා ආර්ථිකය මේ වන විට විශාල දියුණුවක් ලබාගෙන තිබෙන අතර නිෂ්පාදන ආර්ථිකයද එම තත්ත්වයට බලගැන්විය යුතු බව රමේෂ් පතිරණ මහතා පැවසීය. බලශක්තිය, විදුලිය, ඉන්ධන, ඩොලර් හිඟය, කොවිඩ් වසංගතය වැනි අර්බුද රැසක් හමුවේ වුවද 2022 වසරේදී ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම ලබා ගැනීමට අපට හැකි වු අතර එම වසර කිහිපය තුළ කර්මාන්ත ක්ෂේත්‍රය සීඝ්‍ර දියුණුවක් ලැබූ බවත් මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට රැගෙන ගොස් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ යුතු බව රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනයේ කමිටු සාමාජිකයින්ට සාමාජික සහතික ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනයේ (Sri Lanka Institute of Industry Professionals - SLIIP) නිල වෙබ් අඩවිය දියත් කිරීම හා නිල ලාංඡනය එළිදැක්වීමද සිදු කරන ලද අතර www.sliip.lk හරහා එම වෙබ් අඩවිට පිවිසිය හැකිය.


මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් H.S.M. සමරකෝන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්ත වෘත්තිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us