රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අනුමැතිය

Published in පුවත්
Tuesday, 06 August 2024 12:02

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ.

රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇත.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ. 

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප, 2018-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක 1 අනුව සම්පුර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us