කිරිඇල්ලට උත්තරයක් !

Published in පුවත්
Tuesday, 06 August 2024 21:54

ජනාධිපතිතුමා සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර හමුවක් අද 06 පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

මේ සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අටසියකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමකට අනුව තම ගැටලූ රජයට ඉදිරිපත් කිරීම සඳහා එම හමුව කැඳවා තිබුණි.

මෙම හමුව පැවත්වීමෙන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනමාධ්‍යවේදීන් රුපියල් පන්දාහකට ජනමාධ්‍යවේදීන් ගෙන්වු බවයි. 

මෙහි දී මාධ්‍යවේදීන් කිරිඇල්ල මන්ත්‍රිවරයා හට පවසා ඇත්තේ  ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපතිතුමන් අතර මෙම  හමුව පැවැත්වුනේ සිය ඉල්ලීමකට අනුව බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන ආකාරයට රුපියල් පන්දහසකට සිය මාධ්‍ය ජීවිතය පාවා නොදෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍යවේදීන්

"අද පාර්ලිමේන්තුවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාත්,මර්වින් සිල්වාත් මැතිවරණ කොමිසමටත් මේ ගැන පැමිණිලි කර තිබෙනවා.

තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වූනා. රුපියල් පන්දාහක් දීලා අපි ගෙන්නුවා කියලා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා තිබෙනවා. රුපියල් පන්දහසක් වැනි මුදලකට තම මාධ්‍ය ජීවිතය පාවා දෙන්නේ නෑ. රජයට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා මෙම හමුවට අපි පැමිණියා."

 

 

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us