පිරමීඩ ලොක්කෝ කෝටි ගණනක ඉඩම් 16ක් අරන්

Published in පුවත්
Thursday, 08 August 2024 08:33

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරනු දක්වමින් ඊයේ (07) පැවසීය.

සැකකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් දාසයෙන් ඉඩම් 12 ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බවත්, එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12 මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් සැබවින්ම මෙම වෛද්‍යවරයා ඉඩම් මිලදී ගැන ඇතිද? එම ඉඩම් මිලදී ගත්තේ නම් ඔවුන්ට එම මුදල් ලැබුණේ කෙසේද? යන්න විමර්ශනය කරන බවත් රහස් පොලිසිය පැවසීය.

රහස් පොලිසිය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අධ්‍යක්ෂකවරයාට විවෘත වරෙන්තු නිකුත් කළ අතර,වෛද්‍යවරයාට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද නිකුත් කළේය.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us