මැතිවරණ කොමිසම ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත යයි

Published in පුවත්
Friday, 09 August 2024 12:10

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08 වැනිදා) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ විමර්ශනයක් කර ඇත.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් හා පොලිස් නිලධාරින් තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු වී මේ සම්බන්ධව ප්‍රකාශ ගෙන ලිපිගොනු පරීක්ෂාවක්ද කළ බවට සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ඇමැතිවරයා ඉන්ධන පිරවුම්හල් බෙදා දෙන බවටත් ප්‍රතිසංස්කරණයට මුවා වී සේවකයන්ගේ රැකියා කප්පාදුවක් කරන බවටත් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමුකර ඇත.

හම්බන්තොටදී අලුතින් විවෘත කිරීමට සූදානම්වන ඉන්ධන පිරවුම්හලක් සම්බන්ධව මූලිකව අවධානය යොමුකර තිබේ. එම ඉන්ධන පිරවුම්හල සඳහා 2019 දී අනුමැතිය ලැබුණද එය ඉදිකර විවෘත කිරීමට සූදානම්කර ඇත්තේ මෑතකදී බව තෙල් සංස්ථා නිලධාරින් පෙන්වා දී ඇත.

මීට අමතරව ටෙන්ඩර් කැඳවා තෙල් සංස්ථාවට හා තරගකාරී පෞද්ගලික ආයතන වෙත ඉන්ධන පිරවුම්හල් දීමට මේ වන විට ක්‍රියාත්මක ක්‍රමවේදය සම්බන්ධවද අවධානය යොමුකර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් දේශපාලන හිතවත්කම් මත දෙන බවටත්, මෙම ඉන්ධන පිරවුම්හල් ගැනීමට සූදානම් වන බහුතරයක් කළු සල්ලි සුදු සල්ලි කිරීමට යන ව්‍යාපාරිකයන් බවටත් වෘත්තීය සමිති චෝදනා කරති.

මෙම පැමිණිල්ල මත තෙල් සංස්ථාව වෙත දීමට යන පිරවුම්හල් නවතා පෞද්ගලික සමාගම්වලට පමණක් පිරවුම්හල් දැමීමට අවස්ථාව සැලසුනහොත් තෙල් සංස්ථාවේ ආදායම් තවත් පහළ යනු ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දී ඇත.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us