ඉන්දියාව - ලංකාව අතර මගී නැව් සේවාවක් 15 වනදා සිට - ගාස්තුව රු.16,000ක් Featured

Published in පුවත්
Monday, 12 August 2024 07:57

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි .

ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වේ. එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණ තිබුණි . මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව “චෙරියපානී” නැමති නැව් සමාගම විසින් සිදුකෙරුණි .

“ශිවගංගී” නැව් සමාගම විසින් මෙම සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ පළමු වතාවටය.

ඉන්දියාව හා කන්කසන්තුරේ අතර තනි ගමනකට නැව් ගාස්තුව රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකිය. මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබේ .

නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කොට ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර් ජාලය ඔස්සේද මිල දී ගත හැකිය.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us