රනිල්ගේ ගමන පැහැදිලියි - පක්ෂ 35ක් එකතු වෙලා ඉන්නේ

Published in පුවත්
Tuesday, 13 August 2024 11:22

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා මේ වන විට පක්ෂ 35ක් පමණ ඒකරාශී වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසුවේය.

මේ අතර දේශපාලනයට පිවිස නැති පක්ෂ 40ක් පමණද එකතුව සිටින බවත් මේ වන විටත් එකතු වෙමින් සිටින මන්ත්‍රීවරු දෙස බලන විට වික්‍රමසිංහ මහතාගේ ගමන කොයි දෙසටද යන්න පැහැදිලි වන බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය මගින් පවත්වනු ලැබූ නිපුණතා සංවර්ධන වැඩමුළුව අවසානයේ සහතික පත් ප්‍රදානය කිරීම සඳහා එක වූ අවස්ථාවේදීය.

වැදගත් වන්නේ කයිවාරු ගැසීම නොව එකට එකමුතුව වැඩ කළ හැකි කණ්ඩායමක් එකතු වීම බවයි කරුණානායක මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව ඉදිරිපත්වී සිටින්නේද ඒ වෙනුවෙන් බව ඔහු අවධාරණය කරන ලදී.

අභියෝගයක් පැවති මොහොතේ රට ගොඩගත් පිරිසත් සමඟ එකතු වී ඉදිරියට ගමන් කිරීම තමයි සිදුවිය යුත්තේ යන්නද රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us