නව සන්ධානයේ නායකත්වය අනුරට

Published in පුවත්
Wednesday, 14 August 2024 13:44

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධානය අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වුණි.

එහි නායකත්වය හිමිව ඇත්තේ  හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ය.

එහි මහ ලේකම් ලෙස ලසන්ත අලගියවන්න මහතා ද භාණ්ඩාගාරික ලෙස චාමර සම්පත් මහතාද පත්කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්ව පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම අද (14) කොළඹදී සිදුවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මෙහිදී එම සන්ධානයේ තනතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ද එම සන්ධානය වෙනුවෙන් පත් කර තිබේ.

නව සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට නියමිත ය.

 

ada derana 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us