සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට කැබිනට් විසඳුමක්

Published in පුවත්
Thursday, 15 August 2024 14:50

සමෘද්ධි අධිකාරියෙන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහණය වීමේදී වැටුප් අඩු වු සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප්, දිරි දීමනා ඇතුළු සියලු ගැටලුවලට ලබන සතියේ පැවැත්වෙන ඇමති මණ්ඩලයේදී විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.


සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප් ගැටලුව ඇතුළු ගැටළු විසඳීම සඳහා ඔවුන්ගේ වෘත්තිය සමිති නායකයින් හා කැබිනට් අනුකාරක සභාවක් පත්කරන්න පත් කරන ලදී. 

එම අනුකාරක සභාවේ යෝජනා අනුව සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප් අඩු  වි තිබේ. සේවයට අන්තර්ගහනය කිරීම සම්බන්ධයෙන් ගත්තාවූ පරිපාලනමය දෝෂයක් හේතුවෙන් සමෘද්ධි නිලධාරීන්ට මෙම අසාධාරණයක් සිදු වී තිබේ.   

එයට විසඳුම් සෙවීමට ඔවුන්ගෙන් වෘත්තීය සමිති නායකයින්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගම් සහ මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර අවස්ථා ගණනාවකදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම විසඳුම් ලබාදීමට අවධානයට යොමු කොට ඇත.

ඒ අනුව ලබන සතියේ ඇමති මණ්ඩය වෙත මෙම විසඳුම් යෝජන ඉදිරිපත් කිරීමට සූදානම් බව රංජිත් සියඹලාපිටිය කිය.

සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අන්තර්ගහනය වු සේවකයින් 14,000ක් දෙනා මෙම ගැටළුවට මුහුදී තිබේ. 

ඒ අනුව මෙම ගැටළුවට විසදුම් ලබාදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ලැබෙන විශාල සහනයක් වනු ඇතැයි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් පැවසිය.

 

-the leader 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us