දැනටමත් 14ක් ඇවිත් තවත් 5ක් එනවා - මනූෂ

Published in පුවත්
Monday, 19 August 2024 19:40

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදුකළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් බේරුවල තරුණ සමුළුව ඊයේ (18) පස්වරුවේ අලුත්ගම ප්‍රදේශයේදී රැස්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

"සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑප කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා කිව්වේ චම්පික රණවක. හැබැයි ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති.  

"අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා."

 

ada derana 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us