ගොවීන්ට ලැබෙන්න යන අලුත් දේ

Published in පුවත්
Tuesday, 20 August 2024 15:59
ලබන වසරේ සිට පොහොර සහනාධාර දීමනාව රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට රජයට යෝජනා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.
 

අද (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සඳහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර වී වගාවට අවශ්‍ය පොහොර කලට වේලාවට යෙදීම කළ යුතු බවයි. 

දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත් පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් ද නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.  

එමනිසා ලබන වසරේ යල කන්නයේ සිට පොහොර සහනාධාර මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කළ බවත්  දිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us