නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට

Published in පුවත්
Wednesday, 21 August 2024 10:32

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.


එහි සභාපති ආර්.ඒ.එම්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ලබන මස 8 වැනි දා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17,140,354ක් මුද්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා යන ඡන්ද දායකයින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාමෙන් සිය අන්‍යතාව තහවුරු කර ගැනීමට පහසුවක් වනු ඇත.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබා දි ඇති බවයි.

මෙවර නිල ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 28කි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us