පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැහැ. නාමයෝජනාත් අලුතෙන් කැඳවන්න වෙයි.  

Published in පුවත්
Saturday, 24 August 2024 12:08

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවේ කරුණු මුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය. ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවද සභාපතිවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය ඉකුත් වසරේදී (2023) කල්යාම හේතුවෙන් මැතිවරණය සඳහා මුල් කාලයේදී කරන ලද වියදම් හැර අනෙක් මුදල් සියල්ල මහා භාණ්ඩාගාරයට යළි ප්‍රතිපූර්ණය වී ඇතැයිද ඔහු කීවේය.

මේ නිසා පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ නමුත්, මෙම සියලු කාරණාවලට එළැඹීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කාරණා සම්බන්ධව කොමිසම සාකච්ඡා කළයුතු බවද ඔහු කීවේය.

ඉකුත් වසරේ (2023) මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දයට අදාළව ඡන්ද පත්‍රිකා කොටසක් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කර තිබූ අතර, එම තොගය එහි තවදුරටත් ගබඩා කර ඇතැයිද අනාවරණය වේ.

මුද්‍රණය නොකරන ලද ඉතිරි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය මුද්‍රණය කිරීමට හැකිවනු ඇතැයිද සභාපතිවරයා පැවැසීය. කෙසේ නමුත්, ඒ සම්බන්ධව මෙතෙක් සාකච්ඡාවක් සිදු නොකෙරුණු බවද ඔහු කීවේය.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදුන් ඇතැම් අපේක්ෂකයන් රට හැර යාම, ඇතැමුන් මියගොස් සිටීම, ඇතැමුන් දේශපාලනය අත්හැර දමා තිබීම යන කාරණා මත අලුතින් නාම යෝජනා කැඳවීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

මැතිවරණයට නාම යෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේ වනවිට නොමැති බවද අනාවරණය වේ.

අලුතින් නාම යෝජනා කැඳවීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම පිළිබඳවද රජය අවධානය යොමුකර ඇත.

අලුතින් නාම යෝජනා කැඳවන්නේනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත යුතුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us