ඉන්දියාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් අද ශ්‍රී ලංකාවට

Published in පුවත්
Monday, 26 August 2024 09:23

යුධ නෞකාවක් වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා  අද දින (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

මෙය ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන අතර  INS මුම්බායි, ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් චාරිත්‍රානුකූලව පිළිගැනීමට නියමිතය.

INS මුම්බායි යනු ප්‍රහාරක යාත්‍රාවලින් තෙවැනි ගණයේ නෞකාවක්වන අතර එය දේශීයව ඉදිකර 2001 ජනවාරි 22 වන දින ඉන්දියානු නාවික හමුදාවට භාර දී ඇත.

INS මුම්බායි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත. ඩෝනියර් ගුවන් යානා ශ්‍රී ලංකාවේ වගකීම් සහිත මුහුදු කලාපය (AOR) නිරීක්ෂණය කිරීමේ අද්විතීය සහ තීරණාත්මක හැකියාවක් සපයයි.

INS මුම්බායි 2024 අගෝස්තු 29වැනිදා නැවත දිවයිනෙන් පිටත් වේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us