පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ

Published in පුවත්
Thursday, 29 August 2024 08:44

පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (28) සිට ආරම්භ කෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අද සිට අත්හිටුවා ඇති බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ සිට බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණේ ය.

අප වාර්තාකරු පැවසුවේ නොසන්සුන් ලෙස හැසිරුණු දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බවයි.

පොලීසිය මැදිහත් වී ජනතාව පෝලිම්ගත කිරීමට කටයුතු කළේ ය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සතුව මේ වන විට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කර ඇති බවයි.

ඒ අනුව දිනකට නිකුත් කරනු ලබන්නේ විදෙස් ගමන් බලපත්‍ර 750 කි.

-P.M

Last modified on Thursday, 29 August 2024 08:45

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us