මාලිමාව මහ බැංකු අධිපතිගේ කට වසයි ?

Published in පුවත්
Friday, 30 August 2024 09:18

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස පවසන්නේ.

ඒ, අනුව ඔහු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයන් ප්‍රතිසංස්කරණ කලහොත් රටට ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ යැයි මහ බැංකු අධිපකි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු එක් මහ බැංකු අධිපතිවරයෙකු වරදකරු කර ඇති සිහිපත් කල ජයතිස්ස, මහ බැංකු අධිපතිවරයා දේශපාලඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතු බවත් විෂය දැනුම භාවිතා කරමින් ප්‍රායෝගික දේවල් පමණක් ප්‍රකාශ කළ යුතු බවත් සඳහන් කරනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us