2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක්

Published in පුවත්
Friday, 30 August 2024 09:31

2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ, “පස්වසරක මෙහෙයුම: පුළුවන් ශ්‍රී ලංකා“ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනවා. ඒ තත්ත්වය උදාවීමට වසරක දෙකක කාලයක් ගත වන බැවින්, ආරම්භයක් හැටියට 2025 වසර තුළ රැකියා 100,000 ක් ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි.

  • විදේශ රාජ්‍යයන් මගින් සහය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පසුගිය කාලයේ අත්හිටුවා තිබුණා. අපේ බංකොලොත්භාවය නැතිව ගොස් ඇති නිසා, ඒ ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා. මේ බොහොමයක් ව්‍යාපෘති ඉදිකිරීමේ කර්මාන්තය හා බැඳුණු ඒවායි. ව්‍යාපෘති ආරම්භයත් සමඟ නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වෙනවා.
  • සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදී පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක් 2025 වසරේ ආරම්භ කරනවා. මේ තරුණ තරුණියන්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණව ලබාදෙන අතර පුරා වසරක් තිස්සේ ඔවුන්ට රජයෙන් රුපියල් 35,000 ක දීමනාවක් දෙනවා. පුද්ගලික සමාගම්වල කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් මීට එක් කරන්නත් අවකාශ තියෙනවා. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා හිමි කරදෙනවා.
  • සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සහන ණය හේතුවෙන් රට පුරා නව රැකියා අවස්ථා බිහිවෙමින් පවතිනවා. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා ලබා ගැනීමට එයත් කදිම අවස්ථාවක්.
  • කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන් විශාල වශයෙන් බිහිවෙනවා.
  • මීට අමතරව රජයේ සේවයේ විශ්‍රාම ගැනීමෙන් ඇති වන පුරප්පාඩුවලින් තවත් රැකියා අවස්ථා ඇති වෙනවා.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us