විදෙස් ගමන් බලපත්‍ර අර්බුදයට විසදුමක් ලෙස නව ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි

Published in පුවත්
Wednesday, 04 September 2024 09:36

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි.

ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.

එහි ජ්‍යේෂඨ නිලධාරියෙකු පැවසුවේ, දැනට දෙපාර්තමේන්තුව සතුව විදෙස් ගමන් බලපත් හිස් පොත් 30000ක් පමණ පවතින බවයි.

ඒවා කළමනාකරණයෙන් යුක්තව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් මේ දිනවල ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසළ හා ප්‍රාදේශීය කාර්යාල අසළ‍ දිගු පෝලිම් පවතින්නේ, විදෙස් ගමන් බලපත් ලබා ගැනීමේ අරමුණින් පැමිණි ජනතාව හේතුවෙනි.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us