එදා රුපියල බේරගත් හැටි ජනපති කියයි

Published in පුවත්
Wednesday, 04 September 2024 09:57

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න. එක එක පක්ෂවලින් රැස්වුණා. අපි භාරගත්තා ආණ්ඩුව. ඉස්සරවෙලා රුපියල බේරගත්තා. අපිට අමාරු තීරණ ගන්න සිදුවුණා. 2023 ජීවත් වෙන්න, ජීවන බර වැඩියි. අපි කවුරුත් කියනවා ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැතිනම් අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ග්‍රිසීයේ වගේ අපි ඉන්නේ. එතන ඉඳන් අපි රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023දී අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා සමෘද්ධිය වගේ තුන්ගුණයක්.

දැන් බලන්න 2024දී අපි දීලා තියෙන සහනාධාර. මේක අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇවිල්ල තියෙන්නේ දැන් අපි ගත්ත පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දකින් දෙකකින් කළා කියලා, තහවුරු වීමක් නැහැ. ආයම වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us