ඡන්දය දාන්න රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි Featured

Published in පුවත්
Thursday, 05 September 2024 11:29

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සේවා ස්ථානයට ආසන්න සේවකයන්ට අවශ්‍ය යැයි හැගෙන්නේ නම් අවම පැය 04 ක කාලයක් වැටුප් රහිතව විශේෂ නිවාඩු ලබාදිය යුතු වනවා.

එමෙන්ම සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ට හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදි යුතුයි.

කිලෝමීටර් 40 ත් 100 ත් අතර දුරක් පවතින්නේ නම් දිනක නිවාඩුවක් හිමියි.

කිලෝමීටර් 100 ත් 150 අතර දුරක් පවතින්නේ නම් දින එක හමාරක නිවාඩුවක් හිමිවන අතර කිලෝමීටර් 150ට වඩා වැඩි දුරක් පවතින්නේ නම් දින 2 ක නිවාඩුක් ලබාදිය යුතු වනවා.

දිවයිනේ ඇතැම් ඡන්ද දායකයන් ස්වකීය ඡන්ද පොලට යාමට හා ඒමට දින තුනක් ගතවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් අවස්ථාවෝචිතව දින 03 ක් නිවාඩු දීමට කටයුතු කරන ලෙස ද දන්වා තිබෙනවා.

සේවකයන් සිය නිවාඩු ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි.

සෑම සේවා යෝජකයෙකුම විශේෂ ඉල්ලීම් කළ තැනැත්තා හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛණයක් පිලියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ.

chandaya

-P.M

 

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us