මේ රටේ වගකීම වැටුණු රට භාරගත් නායකයෙක්ට මිස හැර ගිය නායකත්වයකට ඉඩ නොතැබිය යුතුයි

Published in පුවත්
Thursday, 05 September 2024 16:14

රනිල් වික්‍රමසිංහ තම දැනුම උපයෝගිකරගනිමින්  රට භාරගන්න නායකයෙක් නැති අවස්ථාවක   වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් මේ රට බේරගත් බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.

 

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහියංගනයේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මෙලෙස සදහන් කලේය. 

දිලුම් අමුණුගම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාරගන්නකොට තිබුණේ හිස් භාණ්ඩාගාරයක්. රටේ සේනාධි නායකයා නැහැ. පැනැල ගිහිල්ලා. නමුත් ඒ‍තුමා රටේ වගකීම භාරගත්තා. රටේ නැතිව තිබුණු බෙහෙත් ටික, තෙල් ටික ගෑස් ටික ගෙනාවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරා. ලෝක බැංකුවල සහය පැතුවා. රට රටවල්වලට ගිහින් විදේශ සම්බන්ධතා ශක්තිමත් කරගත්තා. තමන්ගේ දැනුම උපයෝගි කරල එතුමා මේ රට බේරගත්තා.
දැන් රටේ ජනතාවට ලැබෙන වරප්‍රසාද ලැබෙනවා. අස්වැසුම ලැබෙනවා. නැවත පාරවල් කාපට් වෙනවා. සංවර්ධනය වෙනවා.  ගොවියන්ට පොහොර සහනාධාර ලැබෙනවා. නැවත මේ රට ඉස්සරහට යනවා ඔබ දකිනවා ඇති. මේ රටේ වගකීම වැටුණු රට භාරගත් නායකයෙක්ට මිස හැර ගිය නායකත්වයකට ඉඩ නොතැබිය යුතුයි. 

Last modified on Thursday, 05 September 2024 16:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us