දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ඇති වූ ගින්නෙන් අනතුරක් නැහැ

Published in පුවත්
Tuesday, 10 September 2024 12:48

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ වාහනයක් ගිනි ගෙන ඇත.

ඒ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.  

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් මෙලෙස අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි.

එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථයේ මෙම හදිසි ගිනි ගැනීම ඇතිවී තිබේ.

ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

Last modified on Tuesday, 10 September 2024 12:51

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us