සජිත් රේනට යට වී සිරස 'සටන' මග හරී ! Featured

Published in පුවත්
Sunday, 15 September 2024 18:51

මෙරට දේශපාලන සංවාද අතර දැඩි කතාබහට ලක්වී ඇති සංවාද මාලාවක් වන සිරස 'සටන' වැඩසටහනට මෙවර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ද ආරාධනා කර ඇත් නමුත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගි නොවන බව දන්වා ඇතැයි දැනගැනීමට ඇත. ඔහුගේ එම තීරණයට හේතු වී ඇත්තේ 'හිරු' මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ දැඩි බලපෑම නිසා බවත් වාර්තා වෙයි.

'සටන' දේශපාලන සංවාද වැඩසටහනට ඊයේ ජාතික ජන බලවේගයෙන් නායක අනුර දිසානායක සහභාගි වූ අතර එම වැඩසටහනට විශාල ප්‍රතිචාරයක් හිමිවිය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස දේශපාලනයට අවතීර්ණ වූ මුල් කාලයේ සිටම ඔහු වෙනුවෙන් වැඩි පුර ගුවන් කාලය වෙන් කළ නාලිකාවක් ලෙස සිරස මාධ්‍ය ජාලය ප්‍රකටය. ඇතැම් විට සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය මෙහෙයුම් ද සිරසේ ප්‍රධානින් කිහිප දෙනෙකු වෙතින් සිදු විය.

එහෙත් මේ වනවිට සජිත් ප්‍රේමදාස 'හිරු' මාධ්‍ය ජාලයේ බලපෑමට හසු වී එයින් ගැලවීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ. මෙවර සජිත් වෙනුවෙන් වැඩිම ගුවන් කාලයක් වෙන් කරමින් සහ අනෙක් අපේක්ෂකයන්ට අවාසිදායකම පුවත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද හිරු නාලිකාවය. මේ පිළිබඳ මැතිවරණ කොමිසමෙන්ද චෝදනා රැසක්ද එල්ලවී ඇති නමුත් ඒ නොසලකා හැර කටයුත් කරමින් තිබේ. මේ තත්වයට හේතුව මරණ දඩුවම හිමිව ඇති රෙනේ සිල්වාගේ සොහොයුරා වන දුමින්ද සිල්වා නිදහස් කර දීමට සජිත් පොරොන්දුවක් දී ඇති නිසා බවටත් කටකතා පැතිර පවතී. කෙසේ නමුත් සජිත් මේ වන විට රෙනේ සිල්වාගේ සිරකරුවකු බවට පත්ව තිබේ.

මේ අතර ඔහු සහභාගීවන චමුදිත සමරවික්‍රම මෙහෙයවන " සලකුණ" වැඩසටහනක් හිරු නාලිකාවේ ප්‍රචාරය කිරීමට නියමිත අතර එය කලින් පටිගත කරන ලද වැඩසටහනකි. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන සජීවව විකාශනය වූවකි. මෙහි සංස්කරණ කටයුතු සියල්ල සිදුකෙරෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ සමීපතම හිතවතා වන ලක්ෂ්මන් ෆොන්සේකා ඉදිරිපිට ඔහුගේ අනුමැතියට අනුව බව බව ද වාර්තාවේ.

Last modified on Sunday, 15 September 2024 18:58

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us