මිලාද් උන් නබි තුමන්ගේ ජන්මදිනය අදයි

Published in පුවත්
Monday, 16 September 2024 08:22

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පවත්වනවා.

ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකළා.

ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන්නේ ද මෙතුමායි.

නබි නායකතුමා හතළිස් වන වියෙහි දී මුහම්මද් නබිතුමා ලෙසින් අවසන් නබිතුමා වශයෙන් තෝරා පත්කරගෙන ඇති බව ද ඉතිහාසයේ සඳහන්.

මේ අනුව නබිතුමාගේ ජන්ම දිනය ඉස්ලාම් බැතිමතුන්ගේ විශේෂ දිනයක් ලෙසයි ඔවුන් සලකන්නේ.

තම පෞද්ගලික ජීවිතය තුළින් අන්අයට ආදර්ශයක් වූ මුහම්මද්තුමා සිය අනුගාමිකයන්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන්නා. නබිතුමා සමාජයේ ඇති නැති පරතරය නැති කර සමානාත්මතාවට කැපවී ක්‍රියා කළ අයෙකු ලෙස සඳහන්.

ඒ හේතුවෙන් දුප්පත් අයට සංග්‍රහ කිරීමට බොහෝ ඉස්ලාම් භක්තිකයන් මෙම දිනයේ දී කටයුතු කරනවා. ඉතිහාසයේ බොහෝ පාලකයින් නබිනායක තුමාගේ දේශපාලන දර්ශනය තුළින් තම පාලනය ගෙන ගිය බව ද ඉතිහාසයේ සඳහන්.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us