හැඩූ ක`දුළින් යුතුව මෙලෙස සිය අදහස් කළේ පසුගිය 09 වැනිදා අළුයම් කාලයේදී නා`දුනන පිරිසක් විසින් පැහැරගෙන ගිය පමාරා කේෂාලී බණ්ඩාර දැරියගේ, බිනුල් ජවිනු බණ්ඩාර නැමැති එකම සොහොයුරාය.
නව හැවිරිදි වියෙහි පසුවන බිනුල් ජවිනු බණ්ඩාර දරුවා සිය නැගණිය පිළිබදව මෙසේ මතකය අවදි කළේය.
”මමයි, ලොකු නංගියි නිදා ගත්තේ බිත්තිය අයිනේ ඇදේ. අපිට එහා පැත්තේ ඇදේ අම්මයි, තාත්තායි, චූටි නංගියි නිදාගත්තා. මම නිදාගෙන ඉද්දී මගේ ඇගට උඩින් අතක් යනවා වගේ මතකයි. මම හිතුවේ ඒ ලොකු නංගිගේ අත කියලා. ටික වේලාවක් යද්දී සීතල හුළගක් වැදිලා මට ඇහැරුණා. ඇහැරිලා බලද්දී නංගී නෑ. මම තාත්තාට කතා කරලා ඇහැව්වා නංගි ඔයාලගේ ඇදේද කියලා. එතකොට තමයි තාත්තලාත් නංගි නෑ කියලා දැනගත්තේ. ” යැයි පැවසීය.
පැහැරගනු ලැබූ පමාරා කේෂාලී බණ්ඩාර දැරිය පිළිබද කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තාවී නොමැත.
පැහැරගත් දැරිය සොයාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ඇතුළු පොලිස් කණ්ඩායම් ගණනාවකගේ සහභාගීත්වයෙන් විශේෂ මෙහෙයුමක් මේවන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.
119 දුරකථන අංකය ඔස්සේ සහ විවිධ පොලිස් ස්ථානවලට පමාලි දැරිය පිළිබදව මහජනතාවගෙන් ඇතැම් තොරතුරු ලැබෙමින් පවතින බවත්, එම තොරතුරු ඔස්සේද පොලිස් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියයි.
පැහැරගැණුනු දැරිය නිකදළුපොත ප‍්‍රදේශය අවට ඇති ගම්මානයක සගවාගෙන සිටින බවට සැකකෙරෙන අතර ඒ හේතුවෙන් ප‍්‍රදේශයේ මාර්ග ගණනාවකම පොලිස් කණ්ඩායම් කිහිපයක් පැය විසිහතර පුරාම මාර්ග සෝදිසිකිරීම් වල යෙදී සිටිති.
(lfn.lk)
”නංගියි, මමයි , සෙල්ලම් කළේ එකට. කෑම කෑවෙත් නංගියි, මමයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක ඇදක. කවුරු හරි මාමෙක් නංගිව හොරකම් කරගෙන ගිහින් . අනේ නංගී නැතුව මට හරි පාළුයි. මගේ නංගිව කවුරු හරි මාමා කෙනෙක් තියාගෙන ඉන්නවා නම් , පින් සිද්ධ වෙයි නංගිව ආපහු ගෙනත් දෙන්න.”
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...