දර්ගාවල වෙඩි තැබූවන් අත්අඩංගුවට - අධිකරණ නියෝගයක්

Published in පුවත්
Friday, 12 September 2014 13:28
DhargaInsidentපසුගිය ජුනි මාස 15වනදා අලුත්ගම, දර්ගා නගරයේ පැතිර ගිය කල කෝලාහල වලදී සිදු කෙරුණ වෙඩි තැබීම් වලට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා මෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇත.
 
දර්ගා නගරයේ ගැටුම් වලින් දෙදෙනකු මියගිය අතර එම මරණ සිදු වී තිබෙන්නේ වෙඩි තැබීම් නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණ වල නිගමනය විය.
 
ඒ අනුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
 
ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙයවනු ලබන්නේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය විසිනි.
 
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ශාෆ්රාෂ් හම්ෂා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එම මරණ දෙකට හේතුව වෙඩි වැදීම බව දැනට නිගමනය වී ඇති බව සඳහන් කළේය.
 
“එම මරණ තුවක්කුවකින් එල්ල කරන ලද වෙඩි පහර වැදීමෙන් සිදු වූ මරණ වන බව පශ්චාත් මරණ පරීක්ෂණ වල නිගමන වී තිබෙනවා. උණ්ඩයක් හිස් කබලට ඇතුල් වීමෙන් මරණ සිදු වී ඇති බව පරීක්ෂණ වලින් නිගමනය කෙරී තිබෙනවා” නීතිවේදී ශාෆ්රාෂ් හම්ෂා පවසයි.
 
ඝාතන වලට වගකිව යුත්තන් තවම හඳුනා ගෙන නැති බවත් නීතිවේදී ශාෆ්රාෂ් හම්ෂා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us