වාහන පෙන්වමින් ජනතාව නොමග යවා සංදර්ශන පෙන්වන්න එපා ! මින් පසුව ත්‍රීවිල් දෙන්න - දයාසිරි

Published in පුවත්
Friday, 27 September 2024 09:27

වාහන පෙන්වමින් ජනතාව නොමග නොයවා එම වාහන වෙන්දේසි කොට එම මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර  ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලය අවට නවතා තබා ඇති සුඛෝපභෝගි වාහන සම්බන්ධව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලබනවා මම හිතන්නේ.

2015 දී ජෝන් අමරතුංග ඇවිල්ලා වාහන සංදර්ශනයක් තිබ්බා. ගෝල් ෆේස්පිටියේ.

මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමැතිවරු මන්ත්‍රිවරු නෙමෙයි. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජානාධිපති කාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරින්.

මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන වෙන්දේසිකරලා ඒ මුදල් මහාභාණ්ඩාගාරයට ගන්න.

ඉන්පසුව ත්‍රිවිල්වලින් ගිහින් රජයේ නිලධාරින්ට වැඩ කරන්න කියන්න.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us