ජනපති දුන් පොහොර, ධීවර සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි Featured

Published in පුවත්
Monday, 30 September 2024 10:04

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.

මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබා දීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.ඒ.පී.සී. පෙරේරා මහතා ‘මව්බිම’ට පැවසීය.

ඒ අනුව, අදාළ රාජ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ යැයි ද පෙරේරා මහතා කීවේ ය.

මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ මෙම තීන්දුව ගත්තේ යැයි ද ඒ මහතා පැවසීය.

මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වන දා ය.

ඒ අනුව, මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩිවීමටත් බහුදින හා එක්දින යාත‍්‍රා සඳහා මාසික පදනමින් මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමටත් නියමිතව තිබිණි.

නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව වැඩි කළ මෙම සහනාධාර හෙට (ඔක්. 1) සිට ක්‍රියාත්මක කරන්නේ යැයි ද රජය පැවසීය.

-මව්බිම

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us