සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් කළ ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදින ලකුණු

Published in පුවත්
Monday, 30 September 2024 10:30

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයට තරග කරන ලද එක් එක් අපේක්ෂකයා ප්‍රචාරක වියදම් සඳහා වැයකරන ලද මුදල සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනම සොයා බැලීමක් සිදුකරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පැවසුවාය.

අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන මුදල කොතෙක්දැයි යන්න සොයා බැලීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයිද ඇය කීවාය.

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් සිය ප්‍රචාරක වියදම් සඳහා වැය කරන ලද මුදල සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතුය. එම වාර්තාව මහජනතාවගේ ප්‍රදර්ශනයට තැබීමටද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us