මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරේ  

Published in පුවත්
Monday, 30 September 2024 23:11

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.

මේ අතර ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙයි.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමනු ඇත.

461810327 10169252223800384 907212185034691345 n

Last modified on Monday, 30 September 2024 23:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us