මැතිවරණයදී අපේක්ෂකයන්ගේ වත්කම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට

Published in පුවත්
Tuesday, 01 October 2024 07:53

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එම ලේඛන සියල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඒ ඒ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී නාමයෝජනා බාරදෙන අවස්ථාවේදී වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව ලබාගන්නා මෙම වත්කම් බැරකම් ප්‍රකාශ විවෘත කර බැලීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය අයිතියක් නොමැති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

ඉකුත් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදීමට කටයුතු කළ අතර, එම කොමිසම විසින් එම ප්‍රකාශන වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට බලා ගැනීමට අවස්ථාව සලසා තිබුණි.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ද සොයා බැලීමට නියමිත අතර, මෙතෙක් බදු නොගෙවූ වත්කම් සඳහා හිඟ බදු අය කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට ද නියමිතය.

-p.m

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us