මන්ත්‍රී විශ්‍රාම වැටුප හා වාහන බලපත්‍රය අහෝසි කරන්න කමිටුවක්‌  

Published in පුවත්
Tuesday, 01 October 2024 10:52

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට
ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත්‌ කිරීමට කමිටුවක්‌ පත්‌ කිරීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි
කිරීම සම්බන්ධයෙන්‌ සොයා බලා නිර්දේශ ඉදිරිපත්‌ කිරීමට කමිටුවක්‌ පත්‌ කිරීම සඳහා කැබිනට්‌
අනුමැතිය ලබා දී ඇත. කැබිනට්‌ තීරණය අනුව අදාළ කමිටුව පත්‌ කර, ඊට අදාළ පනත්‌ පිළිබඳව
'සැලකිල්ලට ගනිමින්‌ සහ නීතිමය පසුබිම පිළිබඳව සොයාබලමින්‌ එම නිර්දේශ ඉදිරිපත්‌ කිරීමේ
වගකීම එම කමිටුවට පැවරීමට නියමිත බව ද වර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්‌ ඊයේ (30දා) රැස්වූ කැබිනට්‌
මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබේ. නව රජයේ පළමු කැබිනට්‌ මණ්ඩලය ඊයේ (30දා)
පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.

ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, තීරු බදු රහිත වාහන බලපත්‍ර සහ අනෙක් වරප්‍රසාද තමන් බලයට පත්වූ සැනින් අහෝසි කිරීමට කටයුතු කරන බව වත්මන් ජනාධිපති අනුර කුමාරගේ මැතිවරණ පොරොන්දුවකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us