රට ගොඩනැගීමට දායකවීමට මම සූදානම්

Published in පුවත්
Wednesday, 02 October 2024 10:23

වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේයට ද කාර්යක් ඇති බවය.

මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

"එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි. අද වත්මන් රජයට තියෙන එකම විකල්පය සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි. මේ රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට, ප්‍රශ්නවලට, අභියෝගවලට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්වෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අපිට පැවරෙනවා. දැන් දැන් අපිට අහන්න ලැබෙනවා දළ දේශීය ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කිරීම අසීරුයි කියලා. අපිත් මේ රටේ අධ්‍යාපනයට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාගැනීමේ වැඩපිළිවෙලකට මුලපුරන්නට ඕනේ. මේක තමා නව දේශපාලන සංස්කෘතිය. හැමදාම විවේචනවලට පමණක් සීමාවෙච්ච ගමනකට අපිට මුලපුරන්නට බැහැ. දැන් බොහෝ දේවල් අපිට ඇහෙනවා ක්‍රියාත්මක කරනවා කිව්ව බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි තැනක ඉන්නේ. එතැනදි අපි කරන්නට ඕනේ ඒ අඩුපාඩුකම් පෙන්න පෙන්න සිටීම පමණක් නොව, අපේ දායකත්වය අපි ලබාදෙන්න ඕනේ රට ගොඩගන්න."

Last modified on Wednesday, 02 October 2024 10:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us