ශ්‍රී ලංකා - ඊශ්‍රායල ගුවන් ගමන් ලබන 7 වැනිදා දක්වා අවලංගු කෙරේ.

Published in පුවත්
Thursday, 03 October 2024 08:50

ශ්රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඒ , ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමගිනි.

7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනු ලබයි.

මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා තව දුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළේ ය.

හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස ඊශ්‍රායල රජය ජනතාවට දැනුම් දෙන්නේය.

ඉදිරියේදී ප්‍රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්‍රායල රජය දැනුම් දෙයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us