විශ්‍රාම වැටුප අහෝසි කෙරේ ! Featured

Published in පුවත්
Thursday, 03 October 2024 09:35

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනි.

ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බවයි සඳහන් කර ඇත්තේ.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය යළි ක්‍රියාක්මක කෙරුණි.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වෙයි.

මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබෙන බවයි පැවසෙන්නේ.

නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමි නොවනු ඇති.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us