අලියා ගෙන් නැති උනොත් කුකුලාගෙන් තරග වදින්න තොණ්ඩමන්ලා සුදානමින්

Published in පුවත්
Saturday, 05 October 2024 09:08

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ දේශපාලන පක්ෂ පොදු සන්ධානයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘අලියා’ ලකුණින් තරග නොකරන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසය ඉන් ඉවත්වී ‘කුකුළා’ ලකුණින් වෙනම තරග කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයිද පැවසේ.

‘ගෑස් ටැංකිය’ ලකුණින් තරග කිරීමට නොහැකි බවත්, අලියා ලකුණින් තරග කිරීම මගින් වතුකරයේ වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවන බවද ලංකා කම්කරු කොංග්‍රසය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇත.

අඩුම වශයෙන් බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකටවත් අලියා ලකුණින් තරග කළයුතු බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිස යෝජනා කර තිබේ.

එලෙස එකඟ නොවන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට නියමිත බව පැවසේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us