පියුමි හංසමාලිගෙ වත්කම් ගැන විමර්ශන නැවතත් ඇරඹේ Featured

Published in පුවත්
Saturday, 05 October 2024 13:40

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබේ.

ඒ ඇය හිමිකාරීත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක් හා ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

ඒ අනුව ඇයගෙන් ඊයේ (04) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ කර ගැනුණි.

ඒ අනුව පියුම් හංසමාලි එම BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 9ට පමණ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.

එහිදී පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඊයේ පස්වරු 6ට පමණ ඇය ඉන් පිටත්ව ගියාය.

 -p.m

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us