හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන පුවත් බොරු

Published in පුවත්
Monday, 07 October 2024 10:49

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියි. 

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට තීරණය කර ඇති අතර, අතිරික්ත නිලධාරීන් ඉවත්කිරීම ද සිදුව ඇති බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us