තරුණියකට, බෝඩින් නිවසේ අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටි දිවි අහිමි වෙයි Featured

Published in පුවත්
Tuesday, 15 October 2024 10:44

යුවතියකට සිදුවුණ හද සංවේදී කරවන පුවතක් පිළිබඳව තොරතුරු බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ 30 හැවිරිදි හංසිනී භාග්‍යා නම් තරුණියක් ය.

ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස කටයුතු කර තිබෙනවා.

රාජකාරිය නිමාකොට හංසිනී පසුගිය 11 වැනිදා පස්වරු 6.40ට පමණ තම නවාතැන වෙත පැමිණ තිබුණේය.

ඇය තවත් හිතවතියක් සමග නවාතැන් ගෙන සිටින්නේ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේ ය.

හංසිනී සිය රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිට ඇති අතර, නාන කාමරයේ සිට ඇති මිතුරියට කෑගැසීමක් ඇසී තිබෙන්නේ යමක් ඇදවැටෙන ශබ්දයක් ද සමගින් ය.

.වහා නාන කාමරයෙන් ඉවතට පැමිණ බැලූ මිතුරිය දැක ඇත්තේ නවාතැන පසුපස තිබූ අනාරක්ෂිත ස්ථානයකින් හංසනී පහළට වැටී ඇති බවයි.

ඉහළ මහලෙන් සෘජුවම පහළට නිරාවරණය වන එම අනතුරුදායක ස්ථානයේ කලක සිට කිසිදු බැම්මක් හෝ ආවරණයක් තිබී නොමැත.

වහාම 1990 ගිලන්රථයක් ගෙන්වාගෙන හංසනී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට නිවැසියන් කටයුතු කර තිබුණි.

නමුත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හංසිනී ඊයේ (14) පස්වරුවේ මෙලොව හැරදා ගියා ය.

දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වන හංසිනී උපාධිධාරිණියක් ය.

කෙසේ වෙතත්, ඇය සිටි නවාතැනේ අනතුරුදායක ස්ථානය පිළිසකර කර තිබුණා නම් මේ වටිනා ජීවිතයට මේ ඉරණම අත් නොවේ.

-p.m

Last modified on Tuesday, 15 October 2024 10:56

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us