සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

Published in පුවත්
Monday, 21 October 2024 09:29

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (22 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයයේදී හෙට පෙරවරුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ වනවිට වෙළෙඳපොලේ සහල් මිලෙහි යම් ඉහළ යාමක් පවතින බවත්, නාඩු සහල්වල අඩුවක් දක්නට ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පැවැසීය.

නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220 ක පාලන මිලක් යොදා තිබෙන බවත්, නාඩු වී මිල ඉහළ යාම නිසා මෙම පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවට සහල් මෝල් හිමියන් පවසන බවත් ලේකම්වරයා කීවේය.

සහල් අර්බුදය, පොල්, බිත්තර මිල ගණන් ඉහළ යාම ආදී කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙන බවද ඔහු පැවසුවේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us