මාධ්‍යවේදීන් සහන මිලට යතුරුපැදි ඉල්ලයි

Published in පුවත්
Sunday, 14 September 2014 09:45

bikeමාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්‍රදානය කිරිමට පියවරගෙන ඇත.

එහෙයින් එම වැඩසටහන යටතේ මාධ්‍යව්දින් සඳහාද යතුරු ලබා දෙන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර සිටීයි. අනුරාධපුර ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදි ඊයේ(13) පෙරවරුවේ පැවති රජරට මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාසික රැස්වීමේදි මේ පිළිබඳ යෝජනාව මාධ්‍යවේදිනියක විසින් සභාවට ඉදිරිපත් කර තිබේ.

මාධ්‍යවේදින්ට සිය කටයුතු සිදු කර ගැනිමේදී ප්‍රවාහන පහසුකම් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. එසේම විශේෂයෙන් රජරට පළාතේ මාධ්‍යවේදීන් නොයෙක් අපහසුතා මැද සිය වගකීම නොපිරි හෙලා ඉටුකරමින් ජනතා සේවයේ නියැලෙන අතර මෙවැනි සහනදායී මුදලකට යතුරුපැදි ලබා දීමට කටයුතු කරන්නේ නම් එය මාධ්‍යවේදීන්හට විශාල අස්වැසිල්ලක් වනු ඇතැයිද සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us