මෙවර මැතිවරණයේදී තීන්ත ගාන්නේ දබර ඇඟිල්ලේ Featured

Published in පුවත්
Friday, 25 October 2024 11:21

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැඟිල්ල සලකුණු කරනු ලැබූ අතර, හෙට (26 වැනිදා) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ මහපටඟිල්ල සලකුණු කිරීමට නියමිතය.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ. ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනත් ඇඟිල්ලක් සලකුණු කිරීමට නියමිතය.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us