අයිපීඑල් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා - අර්ජුන

Published in පුවත්
Monday, 15 September 2014 09:50

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගය ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නේ යයි ශ්‍රීමත් ඉයන් බොතම් පසුගියදා කළ ප්‍රකාශය තමන්ද අනුමත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගිය සතියේ ලෝඩ්ස් පිටියේ වාර්ෂික කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය පැවැත්වූ ශ්‍රීමත් ඉයන් බොතම්, අයිපීඑල් ශූරතාවලිය දැඩි විවේචනයට ලක් කළේය.

"අද මේ රටට ක්‍රීඩා කරනවාට වඩා ඒ ක්‍රීඩා සමාජවලටත් ඒ රටවල ඉන්න ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්නේ," යනුවෙන්ද අර්ජුන රණතුංග හිටපු ක්‍රිකට් නායකයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලීග් තරගවලට සහභාගි වීමට අවස්ථාව හිමි වූයේ රට නියෝජනය කිරීම හේතුවෙන් බව ක්‍රීඩකයන් අමතක නොකළ යුතු යයිද ඔහු සඳහන් කළේය.

"සුනිල් ගවස්කාර් වගේ ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් ගහන හැටි උගන්වන්න හැදුවා මේ අයිපීඑල් එක හරහා. ඒ විතරක් නෙමෙයි සූදුවලට. තරඟ පාවාදීම්. මේ සියලුම ප්‍රශ්න ඇති වුණේ මේ අයිපීඑල් තරගාවලියෙන්," යනුවෙන්ද අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් ඉවත්වන මෙන් ඉන්දීය අධිකරණය නියෝග කර තිබියදීත්, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ කුමන පදනමක් මත දැයි ඔහු ප්‍රශ්න කරයි.

අයිපීඑල් ශූරතාවලිය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකියාවක් තිබෙන්නේදැයි විමසු අවස්ථාවේ රණතුංග මන්ත්‍රීවරයා කියා සිටියේ, එවැනි හැකියාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නැති නමුත් අයිපීඑල් තරග පැවැත්වෙන කාල වකවානුවේ තම තරග නොපැවැත්වීමට ජාත්‍යන්තර කවුන්සිලය නියෝජනය කරන සියලු සාමාජික රටවල් දැනටමත් තීරණය කර ඇති බවයි.

මේ වන විට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩකයන් අපවාද වලට ලක්වී ඇත්තේ අයිපීඑල් තරඟ නිසා බව පවසන හිටපු නායකයා, එම තරඟාවලිය හේතුවෙන් ලෝකයේ කිසිම රටකට මාස දෙකක් තම තරඟ පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවද පෙන්වා දුන්නේය.


(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us