පහත රට එළවළු මිල ඉහළට

Published in පුවත්
Wednesday, 30 October 2024 11:09

හෙට ට (31 වැනිදා) යෙදී තිබෙන දීපවාලී උත්සවය හෙතුවෙන් පහත රට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඊයේ (29 වැනිදා) දිනයේදී ඉහළ ගොස් තිබිණි.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඊයේ ඉහළ ගොස් තිබිණි.

ඒ අනුව, වම්බටු කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලක් දක්වාද, මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වාද, පතෝල කිලෝවක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබිණි.

වට්ටක්කා කිලෝවක තොග මිලද රුපියල් 120 ක් දක්වා වැඩිවී තිබිණි. එමෙන්ම, අමු මිරිස් කිලෝවක්ද අලෙවි කෙරුණේ රුපියල් 280 ත් 350 ත් අතර තොග මිලකටය.

කෙසේ නමුත්, උඩරට එළවළු වර්ග අතරින් ඉහළ මිලක පැවතියේ බෝංචි සහ මාළු මිරිස් සඳහා පමණි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 330 ත් 350 ත් අතර මිලක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 480 ත් 500 ත් අතර තොග මිලක් දක්වාද ඉහළ ගොස් තිබිණි.

උඩරට එළවළු අතරින් කැරට් සහ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 50 ක් දක්වා පහත වැටී තිබිණි. එහෙත් සිල්ලර වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 160 කට අලෙවි කෙරේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us