දීපාවලී අදයි Featured

Published in පුවත්
Thursday, 31 October 2024 10:32

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි.

අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි.

මේ අතර නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලී උත්සවය අගනා නිමිත්තක් කරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බෙදා වෙන්කර දුර්වල කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය එළඹ ඇති බවය.

අසාධාරණය, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම සම ඡේදනය කරන, වරප්‍රසාද ලාභීන් සහ වරප්‍රසාද අහිමිවූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට පෙරමුණ ගන්නා බව ද අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර සෑම කෙනෙකුටම නිදහස ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට කැපවී ක්‍රියා කරන බව දීපාවලි දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

දීපාවලී දිනයේ එය සමරන සෑම අයෙකුගේම ජීවිතයට ආලෝකය ප්‍රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇති බව ද සිය සුබපැතුම් පණිවුඩය මඟින් අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබේ.

මේ අතර දීපාවලී උත්සවය නිමිත්තෙන් කෙටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (31) සහ හෙට (01) යන දිනයන්හිදි විශේෂ දුම්රියක් ලෙස අමතර ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us