දේශපාලන පළපුරුද්දක් සහිත අය පාර්ලිමේන්තු යැවිය යුතුයි ! නැතිනම් KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන් -රනිල් Featured

Published in පුවත්
Sunday, 03 November 2024 10:58

මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය.

කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඊයේ (02) කටයුතු යොදා තිබුණි.

එම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනය කර තිබුණි.

චිත්‍රපට දර්ශනය ඇරඹීමට පෙර ඔහු තරුණ පිරිස සමග සාකච්ඡා කළේය.

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිතුමා ඔබතුමා සිකුරාදාට චිත්‍රපටියක් බලනවා ඒක තාම බලනවද ?

"දැන් ඉතින් ඕනේ දවස බලන්න පුළුවන් නේ.. කිසි ප්‍රශ්නයක් නැහැ."

ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා නිදහස වැඩිද ?

"ඔව් දැන් ඉතින් නිදහස තියෙනවා. කොහොමත් ඉතින් ඒ කාලෙත් බැලුවා, සුමානෙට සැරයක් දෙසැරයක් විතර බැලුවා."

ප්‍රශ්නය - මෙච්චර ලංකාවේ පෙන්වන්න ෆිල්ම් තියාගෙන 3 idiots පෙන්වන්නේ කවුද ? කවුද 3 idiots?

"දන්නේ නෑ කවුද තේරුවේ කියලා. සාමාන්‍යයෙන් මේක විහිළු චිත්‍රපටයක්නේ. දැන් ඔබ හිතන්නේ කවුද 3 idiots? මට එහෙම එකක් නැහැ මම ඒකයි ඇහුවේ."

ප්‍රශ්නය - සිනමාවේ ක්‍රෂ් එකක් හිටියද ? ඉන්නවද ?

"ඒ කියන්නේ ? මොකක්ද ක්‍රෂ් එක කියන්නේ."

ප්‍රශ්නය - ක්‍රෂ් එක කියන එක පැහැදිලි කරන්න කවුරුහරි.

"අපේ කාලේ තිබුණේ ඔරේන්ජ් ක්‍රෂ් විතරයි."

ප්‍රශ්නය - බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙලා පාර්ලිමේන්තුවට පත් වුණ මන්ත්‍රීවරයෙක් කීවොත් එහෙම මම ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙනවා කියාල. ඔබතුමා කොහොම හරි එනවද ?

"මම අහනවා ඒ මන්ත්‍රීවරයාගෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා."

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන එක සියදිවි නාසාගැනීමක් ලෙස ද සලකන්නේ ?

"නෑ මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇතිකරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව්කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මම හිත්නේ ලෝකේ සීග්‍රයෙන් බංකොලොත් බවින්
පිට වුණ රට තමයි ලංකාව ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට."

ප්‍රශ්නය - ඒ කියන්‍නේ 14 වෙනිදායින් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලාද තියෙන්නේ මේ වෙද්දි ?

"නෑ සමහරු කියවා ඔක්කොම ගෙනල්ලා දාන්න කියනවා පළපුරුදු නැති අය. දැකලා තියෙනවාද ? මේක හරියට සැඟවුණු අමුත්තා වගේ"

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us