ආසාදිත ඌරන්ගේ හිසට එක එල්ලේ වෙඩි තැබීමට පියවර

Published in පුවත්
Sunday, 03 November 2024 11:24

අප්‍රිකානු සූකර උණ රෝගය (African Swine Fever) පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආසාදිත සතුන් මානුෂික ආකාරයෙන් (වේදනා රහිතව) විනාශ කිරීම සඳහා ප්‍රබල විද්‍යුත් කම්පනයක් හෝ එක එල්ලේ හිසට වෙඩි තබන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ට උපදේශන මාලාවක් ලබාදීමට නියමිතය.

ඊට අදාළ උපදෙස් පත්‍රිකාව සෑම ඌරු ගොවිපොළකටම ලබාදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇත. මෙම රෝගය කිනිතුල්ලන් මගින්ද ඌරන් අතර බෝවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා ලෝකයේ මෙතෙක් එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැති බැවින්, එය මෙරට ගොවිපොළවල් තුළ ශීඝ්‍රයෙන් පැතිර යාම වළක්වා ගැනීම සඳහා මෙරටදී පියවර රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රෝගය රට තුළ පැතිර යන අවස්ථාවේ එම රෝගයෙන් ගොවිපොළ ආරක්ෂා කර ගැනීමට ජෛව ආරක්ෂණ ක්‍රම තර කිරීමටත්, අසාදිත බවට සැක කළ හැකි ද්‍රව්‍ය ගොවිපොළ තුළට ඇතුළු කිරීම වැළැක්වීමටත්, ඉවතලන ඉඳුල් සතුන්ට ලබාදීම වැළැක්වීමටත් අදාළව එම දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබේ.

එමෙන්ම ආසාදිත ප්‍රදේශවලින් සතුන් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇති අතර, ගොවිපොළවලට ඇතුල්වන වාහන සහ මිනිසුන් විෂබීජහරණයට ලක්කිරීමටද සැලසුම් කර තිබේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අසාදිත සතුන් සහිත ගොවිපොළ නිරෝධායනයට ලක්කර එම සතුන් හුදෙකලා කෙරේ. අසාදිත සතුන් හැකි ඉක්මනින් ගොවිපොළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට නියමිත අතර, ජලාශ්‍රිත ස්ථානවල හෝ ජල මූලාශ්‍ර ආසන්නයේ මළ සතුන් වැළලීමද නොකළ යුතුය.

අසාදිත සතුන් මානුෂීය ආකාරයෙන් විනාශ කිරීමෙන් පසුව, එම සතුන්ගේ සිරුරු හා අනෙකුත් සියලුම ආසාදිත ද්‍රව්‍ය පූර්ණ දහනයකට හෝ ගැඹුරු වළකට දමා වැසිය යුතුය. අදාළ වළ අළු හුනු ස්ථරයකින් ආවරණය කිරීමද අනිවාර්ය වේ.

ආසාදිතව මියගිය සතුන් ප්‍රවාහනය කිරීමේදී මුද්‍රා තැබිය යුතුය. එමෙන්ම මියගිය සතුන්ගේ සියලු කොටස් අළුවන තෙක් දහනය කළයුතු අතර, ඉතිරිවන අළු සියල්ල වළ දැමිය යුතුය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us