කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද අඛණ්ඩ වැඩවර්ජනයක

Published in පුවත්
Tuesday, 05 November 2024 08:53

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව වෛද්‍ය අසංක කෝණාර මහතා කියා සිටියේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම් රංග මහතාගෙන් විමසීමක් කල අතර ඔහු සඳහන් කළේ, අදාළ චෝදනාව එල්ල් වී ඇති විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට සෞඛ්‍ය ආමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බවය.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා ලිඛිත දැනුම් දීම අද දිනයේ සිදුවනු ඇති බව ද කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us