ගිය ආණ්ඩුවෙන් සකස් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දමයි

Published in පුවත්
Tuesday, 05 November 2024 09:32

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සකස් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ එම ප්‍රතිසංස්කරණ යෝජනා යළි සලකා බැලීම සඳහා ය.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත් වෙනුවට මොඩියුල (ඒකක) ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතව තිබූ අතර පාසල් දෙසියයක පමණ එක, හය සහ දහය ශ්‍රේණිවල සිසුන් යොදා ගනිමින් ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් ද ජාතික අධ්‍යාපන ආයතනයෙන් ක්‍රියාත්මක කරන ලදී. එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද එම ආයතනය වාර්තාවක් සකස් කර තිබේ. එම වාර්තාව අනුව සියලු පාසල්වල එම ශ්‍රේණි සිසුන් සඳහා ලබන වසරේ සිට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබිණි.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාල සීමාව දොළහ ශ්‍රේණියෙන් අවසන් කිරීමටත් සාමාන්‍ය පෙළ විභාගය දහය ශ්‍රේණියේ දී පැවැත්වීමටත් යෝජිතව තිබිණි.

ඉදිරි වසර දහය ඇතුළත මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය අපේක්ෂිත අයුරින් වෙනසකට භාජනය කළ යුතු යැයි ද මෙම ප්‍රතිපත්ති රාමුව අනුමත කිරීමෙන් පසු වසරක් ඇතුළත අවශ්‍ය නීතිරීති රෙගුලාසි හා නීති සම්පාදනය හා අදාළ කාර්ය සාධන දර්ශක නිශ්චිත ලෙස තීරණය කළ යුතු යැයි ද එම ප්‍රතිපත්ති රාමුවේ සඳහන් කර තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us